දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
"නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරපන්න.
නුඹේ සම්පතින්ද, නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද,
ස්වාමින්වහන්සේට ගෞරව කරපන්න.
එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය.
නුඹේ මුද්‍රික යන්ත්‍රයද අලුත් මුද්‍රික පානයෙන් ඉතිරෙන්නේය.
මාගේ පුත්‍රය, ස්වාමින්වහන්සේගේ තරවටු කිරීම සුළුකොට නොසිතන්න.
උන්වහන්සේගේ දඬුවමටද නොකළකිරෙන්න.
මක්නිසාද පියෙකු පුත්‍රයාට දඬුවම් කරන්නාක්මෙන්,
ස්වාමින්වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරනසේක.
-හිතෝපදේශ 3 1-18
දෙවියන්වහන්සේගේ වචනය වෙත ස්වල්ප මොහොතක් ඔබගේ අවධානය යොමුකර ඔබගේ ජීවිතය හා සමග ඒවා සංසන්දනය කර බලන්න. උන්වහන්සේට යාඥා කරමින් සියලුදේ උන්වහන්සේට බාර දෙන්න. නොසුදුසු දේවල් හරිගස්ස ගැනීමට උන්වහන්සේගේ කරුණාව ඉල්ලා සිටින්න. උන්වහන්සේට ස්තුති කරන්න.
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)